බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමට තීරණය කර ඇති බවයි.
හෙට (26) දින මෙම නිෂ්පාදන වැඩපිළිවෙල මඩකළපුව බන්ධනාගාරයෙන් අරඹන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මඩකළපුව බන්ධනාගාරයෙන් අද කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ඇරඹෙන්නේ නියමු ව්‍යාපෘතියක් හැටියට යැයි කී ලොහාන් රත්වත්තේ මහතා මෙය ඉතාම කෙටි කලකදී සෙසු බන්ධනාගාරවලටද ව්‍යාප්ත කරන බව කීවේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මඩකළපු බන්ධනාගාරයේදී කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළ අද ආරම්භ කිරීමේ උත්සවයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීහුද සහභාගී වෙති.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




