රජයේ සහනාධාර පොහොර මිටි දහසකට ආසන්න ප්‍රමාණයක් සගවා තිබු ගබඩාවක් වටලා එහි පොහොර ගොවින්ට ලබාදිමට මාතලේ පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත්තේය. මෙම පොහොර තොගය මාතලේ - විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මාරක ප්‍රදේශයේ පෞද්ගලික වෙළදසැලක තිබී සොයා ගන්නා ලදී.
මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන නිලධාරි රේනුක කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් එම වෙළෙඳසල වටලීමේ දි මෙම පොහොර තොගය සොයා ගෙන ඇති අතර මාරක ප්‍රදේශයේ ගොවි ජනතාවට මෙම පොහොර තොගය ලබාදීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත්තේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid






