අද පෙරවරුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කරන ලද කොරෝනා දැඩි සත්කාර ඒකකය විවෘත කරනු ලැබුවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්හි දෙවන කොරෝනා දැඩි සත්කාර ඒකකය මෙය වන අතර මෙය ඇදන් හතකින් යුක්ත අතර කොරෝනා ආසාදිත ගැබිනියන් වෙනුවෙන් සූතිකාගාරයක් සහිත ශල්‍යාගාරයක් ද ඇත.
මේ සදහා ගම්පහ පුරපති එරංග සේනානායක රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ශිරෝමන්, විශේෂඥ වෛද්‍යවරුන් වන එන්. ශ්‍රීධරන් සහ දීපානී නන්දසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid






