මරණ දඩුවම ජීවිතාන්තය දක්වා අඩුකරන්නැයි ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උද්ඝෝෂණය නිමාකරමින් සිරකරුවන් අද (26) සවස වහලෙන් බිමට බැස තිබනවා.
මෙම විරෝධතාවය දෙකක් පුරාවට චැපල් අංශයේ වහලයක් මතට නැගී සිදුකෙරුණ අතර එයට සමගාමීව සිරකරුවන් සුරකීමේ සංවිධානය විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද පැවැත්වූ විරෝධතාවය අවසන්කර විරෝධතා කරුවන් ඒම ස්ථානයෙන් පිටත්ව යාමත් සමග වැලිකඩ වහලයට නැගී සිටි සිරකරුවන්ද උද්ඝෝෂණය අවසන් කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
තමන්ට ලැබී ඇති මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා ජනාධිපති පොදු සමාවක් ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිටින සිරකරුවන් සමග හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු වන බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා ඊයේ (25) සවස සාකච්ඡාවක නිරතවී ඇත.
පොදු සමාවක් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවන බැවින් වහලෙන් බිමට බසින ලෙස සිරකරුවන් මුණ ගැසී වී.ආර්. සිල්වා පැවසුව ද ඔවුන් එම ඉල්ලීමට ඇහුම්කන් දීමක් සිදුනොකර දිගටම වහලය මත රැදී සිටි බව බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.
මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඩුමක් ලෙසට පොදු සමාවක් යටතේ ලබාදෙන ලෙස ඉල්ලමින් මරණීය දණ්ඩනයට නියමව මහර සහ වැලිකඩ බන්ධනාගාරවල සිටින සිරකරුවන් 150 ක් පමණ මේ වනවිට ආහාර වර්ජනයක නිරතවෙමින් සිටින බව වාර්තා වේ.
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිටියේ 10 ක පමණ පිරිසක් බවත් ඔවුන් කණ්ඩායම් වශයෙන් වහලයට නැගි බවත් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.
මේ අතර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් 260 දෙනෙකුට පමණ එම දඩුවම ඉතා ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩුවනු ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි. අධිකරණ ඇමතිවරයා මගින් ජනාධිපතිවරයාව දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු දැනටමත් කර ඇති බවද ලොහාන් රත්වත්තේ මහතා පැවසුවා.
ඒ අනුව මරණීය දණ්ඩනය නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් හා ස්ත්‍රී දූෂකයින් හැරු වසර 10 ක් මේ වන විට සිරදඩුවම් ලබාඇති සිරකරුවන්ට මෙම පොදු සමාව ලැබෙනු ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




