ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු සීෂෙල්ස් මුහුදු සීමාවට නීතී විරෝධී ලෙස ඇතුළු වීම නිසා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සීෂෙල්ස් ගුවන් හමුදාව සහ එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් යාත්‍රා 02 කින් සීෂෙල්ස් මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වී ඇති අතර මොවුන් රදවා තබාගෙන සීෂෙල්ස් ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




