දිය නෑමට ගිය අක්කා මලෝ දෙදෙනකු සැඩපහරට ගසා ගෙන ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.රඹුක්කන බොලගම ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමේදී මෙලෙස සැඩ පහරට ගසාගෙන ගොස් ඇත. මල්ලි මිය ගොස් අක්කා අතරුදහන්ව ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් විසින් මල්ලීගේ සිරුරු සිද්ධිය වී පැයකට පමණ පසුව සොයාගන්නා ලදි.
පී.ජි.අධීෂා නෙත්මිණි සහ පී.ජි.ජී.නිම්සර යන දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා සිටිති.
රඹුක්කන වැලිකන්දේ පදිංචි මොවුන් සිය පියා සමග දිය නෑමට ගිය අතර නව හැවිරිදි අක්කා සහ පස් හැවිරිදි මල්ලී මා ඔයේ පීනද්දී ගසාගෙන ගොස් ඇත. ඔවුන් බේරාගැනීමට ගිය පියා ද සැඩපහරට ගසා ගෙන ගොස් ඇත. පසුව ඔහු ගසක අත්තක එල්ලී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




