ඉන්ධන මිල අඩු කිරිමට නම්, ඉන්ධන ආනයනය සීමා කර, සලාක ක්‍රමයට ඒවා ලබා දීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ඒසේ කිරීමට අවශ්‍ය නම් බදු මුදල අඩුකර, ඉන්ධන මිල පැවති තත්වයට නැවත පමුණුවා සලාක ක්‍රමයක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ද ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේ දී යෝජනා කර ඇත.
ඉන්ධන මිල වැඩි කිරීමට බලපෑ ප්‍රධාන සාධකය ඩොලර් හිඟකම බව අමාත්‍ය උදය ගම්මන්පිල පෙන්වා දෙනවා.
පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බවද ඔහු කියා සිටිනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




