ජනාධිපති ගෝඨාභය මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳු වැඳ ආශිර්වාද ලබා ගත්තා.
එහිදී දියවඩන නිලමේ නිලංග දෑල මහතා ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා
ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පර්ශවයේ මහා නා හිමියන් බැහැ දැක සුවදුක් විමසීය.
මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝද බැහැ දුටු ජනාධිපතිවරයා අනු නායක හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසය ද නිරීක්ෂණය කළා
මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid





