බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ වතු යායවල් 05 කින් ලබාගත් පි. සී .ආර්. (PCR) පරීක්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 31 දෙනෙකු හඳුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.
ඉකුත් (22) දින සිදු කරන ලද පි. සී .ආර්. (PCR) අනුව නව අසාදිතයන් 31 දෙනා හඳුනානෙ තිබෙනවා.
එම අසාදිතයන් බගවන්තලාව වත්ත 19 , කොටියාගල වත්ත 06 , බොගවාන වත්ත 04 ,ටින්සින් වත්ත 01 , තෙරේසියා වත්ත 01 ව
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වූඅසාදිතයන් 746 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 18 වර්තා වී තිබෙනවා.
නව අසාදිතයන් 31 දෙනාගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සහ අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා.




