වවුලන් පමණක් නොව සුනඛයින්, බළලුන් සහ කුකුළන්ගෙන්ද කොරෝනා වෛරස ප්‍රභේද වාර්තා වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති පශු වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා පෙන්වා දුන්නේ 1960 වසරේ සිට එවැනි තත්ත්වයන් වාර්තා වී ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නුවන් මහතා.
"කොරෝනා වෛරසය 1960 වගේ ඉඳලා සතුන් තුළ වාර්තා වෙලා තියෙනවා.
සතුන් තුළ තිබෙන කොරෝනා වෛරස් ප්‍රභේදවලින් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා කොහේවත් වාර්තා වෙලා නෑ. ඒ නිසා මෙම පුවතත් සමග ජනතාව බියට පත්විය යුතු නෑ."
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




