පුනරීන් 4වන සන්නද්ද බුද්ධි බලකායට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය පුනරීන් සීතාකුඩිඉරිප්පු කලපුව ආසන්නයේ දී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ නීති විරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත්වී තිබෙනවා.
අදාළ කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇති බව යුද හමුදාව සැක පළ කරන අතර බෝට්ටුවේ සිට කැබ් රථයකට පටවමින් සිටියදී සොයාගත් බව වාර්තා වනවා.
පාර්සල් 66ක තිබූ කේරල ගංජා කිලෝ 140 ක් ද නීති විරෝධී මත්පැන් ලීටර් 20 ක් ද සමඟ බෝට්ටුව හා කැබ් රථය ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු කිලිනොච්චිය අන්පනගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අදාළ වැඩිදුර විමර්ශන සඳහා පුනරින් පොලිසිය වෙත භාර දුන් බව යුද හමුදාව ප්‍රකාශ කළා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




