කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ එම්.එස්.සී. මෙසීනා (MSC MESSINA) නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා.
නෞකාව සිංගප්පූරුව දෙසට රැගෙන යාමේ කටයුතු ද මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඔවුන් පවසනවා.
පසුගිය 24 දා රාත්‍රියේ කිරින්ද, මහාරාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් නැගෙනහිර දෙසින් ගමන් කරමින් තිබියදී එම්.එස්.සී. මෙසීනා නමැති නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හට ගත් බව වාර්තා විය.
මෙය ලයිබීරියා ධජය සහිතව භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුන කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ එකකි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




