එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නේ බලපෑමෙන් ධීවර ක්ෂේත්‍රයට සිදු වූ පාඩුව පියවීම සඳහා රුපියල් මිලියන 720 ක වන්දියක් ගෙවීමට නෞකාව අයත් රක්ෂණ සමාගම එකඟ වී ඇතැයි අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.
ලැබිය යුතු සමස්ත වන්දි මුදල ගෙවන තෙක් අතුරු වන්දියක් ලෙස මෙම මුදල ලැබීමට නියමිත බව ඇමතිවරයා සඳහන් කරයි.
නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් සිදු වූ සමස්ත හානිය තවමත් තක්සේරු කර නොමැත. හානිය තක්සේරු කිරීම සඳහා විදෙස් විශේෂඥ කණ්ඩායමක්ද පසුගියදා දිවයිනට පැමිණි අතර සාගරය සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්ද පැමිණ තිබේ.
නාරා ආයතනය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මෙම ඒකාබද්ධ සමීක්ෂණ කටයුතු සිදු කරයි.




