සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතිය ද ජනතාව නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කළ යුතු බව පොලීසිය පවසනවා.
නිවෙස්වලින් පිටතට පැමිණෙන ජනතාව කොවිඩ් වෛරස අවදානම් තත්ත්වය පිළිබදව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා, කඩ සාප්පු පවත්වාගෙන යෑම සහ ආයතන පවත්වාගෙන යෑමේදි නිසි සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




