සීග්‍රයෙන් පැතිරෙණ ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණක් බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.
එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් යැයි සැලකිය නොහැකි බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ඇති ලොකුම ගැටළුව මෙය බවත් එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවා.
මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකි බවද ඔහු සඳහන් කළා.
ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 85 ක ආරක්ෂාවක් සැලසුණද අස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකෙන්ම ලැබෙන්නේ සියයට 58 ක ආරක්ෂාවක් පමණක් බව එම පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් සැර කොරෝනා වයිරස ප්‍රභේදය වන බී117 ඇල්ෆා සඳහා මෙරට පාවිච්චි කරන සියලුම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බවද ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයද මේ දිනවල මෙරට භාවිතා කෙරෙන එන්නත් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයේ අවසන් වාර්තාව නුදුරේදීම නිකුත්වීමට නියමිතයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid



