කොවිඩ් ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු මියගිය පුවතක් වාර්තා වනවා.
එකම පවුලේ 72 හැවිරිදි පියා , 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයා මෙලෙස මියගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදනයත් සමග මොවුන් තිදෙනාටම අවස්ථා කිහිපයකදී ශ්වසන අපහසුතා හටගෙන තිබේ.
මීට අමතරව එම පවුලේ සෙසු සාමාජිකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනා මේ වනවිට පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්ය අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක, විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ,
"මේ
වගේ එකම පවුලේ 3 දෙනෙකු කොහොමද මිය ගියේ කියලා අනිවාර්යයෙන්ම සොයාබැලිය
යුතු දෙයක්. වැදගත්ම දේ තමයි මෙවැනි තත්ත්වයක් වැළැක්වීමට රජය හැටියට, සෞඛ්ය
සේවය හැටියට සහ පවුලක් හැටියට ගතහැකිව තිබුණු පියවර ගෙන තිබුණා ද නැතිනම්
නොසැලකිල්ලක් සිදුව තිබුණා ද කියලා සොයාබැලීම. ඉදිරියේදී එවැනි මරණ ඇතිවීම
වළක්වන්න ඒ අනුව අපිට කටයුතු කරන්න පුළුවන්."

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid