මුලතිව් පොලිස් වසමේ ස්වාමිතොට්ටම් ප්‍රදේශයේදී සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවට මුලතිව් පොලීසිය පවසනවා.
ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුළු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් එහිදී එම පුද්ගලයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.තවමත් පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි යන්න නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර යුද සමයේදී පොළව යට තිබූ කිසියම් බෝම්බයක් හො පුපුරණද්‍රව්‍යක් ගිනි තැබීම හේතුවෙන් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පළකර සිටිනවා.
පිපිරීමෙන් එම පුද්ගලයාගේ තත්වය බරපතල නොවන අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරනවා.




