කැලෑවල වෙසෙන සතුන්ගේ කොවිඩ් වයිරසය ශරීරගත වී ඇත්දැයි සොයා බැලීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබෙනවා.
අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන්නේ නම් මෙම පරීක්ෂණ සිදුකිරීම සඳහා සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිත බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක මහතා පැවසුවා.පසුගියදා දෙහිවල සත්වද්‍යානයේ සිංහයන් දෙදෙනකෙුට ද කොවිඩි රෝගය වැලදී ඇති බව හෙළිවීමත් සමග මෙම තීරණයට එලඹ තිබෙනවා.




