බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ බන්ධනාගාරවල දේපළවලට හානි කරමින් උද්ඝෝෂණය කරන කිසිදු රැඳවියෙකු සමාවල් සඳහා නිර්දේශ නොකිරීමට තීරණය කළ බවයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මෙම තීරණය ගෙන ඇත.
"බන්ධනාගාරවල වහල මත නැග උද්ඝෝෂණය කරන බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් හැසිරෙන කිසිදු රැඳවියෙකු සඳහා ඉදිරියේදී කිසිදු ආකාරයක සමාවල් සඳහා නිර්දේශ කරන්නේ නෑ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ බව තීරණය කර තිබෙනවා. මේ ආකාරයෙන් කටයුතු කරමින් බන්ධනාගාරය සතු දේපළවලට හානි කරන රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම දැඩි තීරණය අරගෙන තිබෙනවා."
මරණ දඬුවම හිමිව සිටින වැලිකඩ සහ මහර බන්ධනාගාරවල සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය අඛණ්ඩව අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක විය.
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් පෙරේදා (26) පස්වරුවේ එහි චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබුණි.
ඒ තමන්ට ලබාදී ඇති මරණ දඬුවම සිව්වස් සමාලෝචනයක් කර 20 අවුරුදු සිරදඬුවමක් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලමින්ය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




