රිමාන්ඩ් භාරයේ සිටි සිරකරුවන් සිව් දෙනෙකු පළාගොස් තිබේ. මොවුන් කුරූණෑගල අධිකරණ ශාලාවේ සිරමැදිරිය තුළ රඳවා තබා ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරේ ඉන් එක් සිරකරුවෙකු වැල්ලව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් ඊයේ (27) උදෑසන කාලයේ සිරමැදිරියෙන් පළාගොස් ඇත.
සොරකම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබිණ.
පළාගිය සෙසු සිරකරුවන් තිදෙනා සොයා මේ වනවිට විමර්ශන අරඹා ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




