ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමට ක්‍රමවේදයක් ඉදිරියේදී සකසන බවයි.
දැනට සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට පමණක් උපාධිධාරීන් කෙලින්ම බඳවා ගැනේ.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව දැනටමත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කර ඇත.
තමා මෙම යෝජනාව ඉදිරිපත් කරේ උපාධිධාරීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට පැමිණීමේදී ජනතාව සමග කෙරෙන පහළ මට්ටමේ රාජකාරි කටයුතු ගැන කිසියම් සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බව සලකා බලා යැයි අමුණුගම මහතා සඳහන් කළේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




