මුහුණු පොත හරහා අපහාස කිරීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පැමිණවූ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක කපුවෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් විමර්ශන කණ්ඩායම් හයක් යොදවා තිබෙනවා.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මංජුල රත්නායක සහ බෝමිරිය නවගමුවේ පදිංචි තිස් හය හැවිරිදි ඩී.කේ.රත්නායක යන පුද්ගලයන් බව පොලීසිය පවසනවා.
පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ අවි ආයුධ සහ නිධානයක් සම්බන්ධ ආරවුලක් මත මෙම දරුණු වධහිංසා පමුණුවා ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මහනුවර සහ දඹුල්ල ප්‍රදේශයේ දේවාල පවත්වාගෙන යන 34 හැවිරිදි පුද්ගලයෙකි.
දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් අම්පිටිය ගාලතැන්න කඳු මුදුනක දී කුරුසයේ ඇණ ගසන ආකාරයට දෑත කොටයකට තබා ඇණ ගසා යකඩ පොලු වලින් පහර දෙමින් සිටියදී ප්‍රදේශවාසීයකුගේ දුරකථන ඇමතුමක් මත පොලිසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.
පොලීසියට ලද තොරතුරු ඔස්සේ එහි යන විටත් ඇණ ගැසූ දෙදෙනා අතහැර දමා අපරාධකරුවන් පලාගොස් ඇත.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන් මෙන්ම ප්‍රධාන සැකකරු ද කාලයක් තිස්සේ එම ප්‍රදේශය තුළ විවිධ අපරාධ වලට සම්බන්ධ පිරිසක් බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දුෂ්මන්ත නැමැති කපුවාට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ රැකවරණය ලැබෙන බවට පැතිරෙන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නැති බව අමාත්‍යවරයා පවසනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




