ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට යම් වාහනයක් ඇතුළු වුව හොත් අදාළ පුද්ගලන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
පෙරේදා (24) දින පස්වරු 7.00ට පමණ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල පොලිස් වසමට අයත් බල ප්‍රදේශයේ 59 වැනි කිලෝ මීටර් කණුව අසලදී අනතුරක් සිදු වී ඇත. යතුරු පැදියක් සහ එම දිසාවටම එනම් කුරුණෑගල දෙසට ගමන් කළ මෝටර් රථයක් අධිවේගී මාර්ගයට අනවසරෙන් ඇතුළු කළ එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුවී තිබේ.
මෙම අධිවේගී මාර්ගය තවමත් විවෘත වී නොමැති අතර එම අනතුරින් යතුරු පැදියේ ගමන් කළ වයස අවුරුදු 19 සහ 24ක් වූ තරුණයන් දෙනො මියගොස් ඇති අතර ගිනි ගැනීමක් සිදුව තිබේ. මොටර් රථයේ ගමන් කළ පස් දෙනාගෙන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඉතිරි තිදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.
එම මරණෙවලට අමතරව පෙරේදා (24) දිනයේ රිය අනතුරුවලින් තවත් තිදෙනෙකු මිය ගොස් ඇති අතර සංචරණ සීමා ක්‍රියාත්මක වන අවස්ථාවක ඒ ආකාරයට අනතුරු සිදුවීම කණගාටුවට කරුණක් බව අජිත් රෝහණ මහතා පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




