මෙවන තෙක් විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් 142 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 4800 ඉක්මවූ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් 4600 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙණිය මහතා සඳහන් කළා.එම සියලු පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙන රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් වන බවත් මැදපෙරදිග ඇතුළු රටවල් 16 කින් එම මරණ සහ ආසාදිතයින් වාර්තා වූ බවත් මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.




