මද්දකට හසුකර මියගිය කොටියකු සම්බන්ධව අන්තර්ජාලය වෙත මුදාහරින ලද ජායාරූප පෙලක් පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් මුල්ඔය වත්ත ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් විසින් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ දැඩි ලෙස ආරක්ෂිත ක්ෂිරපායි සතෙකු වන කොටියකු මද්දකට හසුකර මරා පසුව සිරුරෙන් සම ඉවත් කර වියලා ගැනීම සදහා හවුලේ සකස් කර තිබියදී සම, අස්ථි හා දන්ත කොටස් කිහිපයක් ද වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා 2021.06.28 වන දින වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව එකී සැකකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහරිනු ලැබුවා. මෙම නඩුව 2021.09.07 දින කැදවීමට නියමිතයි.




