චීනයේ 2021 ඩ්‍රැගන් බෝට්ටු සැණකෙලිය ජුනි 14 සඳුදා පැවැත්වීමට නියමිතයි. එය මිලියන 100 ක සංචාර උත්පාදනය කරනු ඇති බවට සංවිධායකයින් අපේක්ෂා කරනවා.එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ තත්ත්වය දළ වශයෙන් 2019 දී එම කාල පරිච්ඡේදයට සමාන බවයි.
ඔන්ලයින් සංචාරක සේවා සැපයුම්කරුවෙකු වන ට්‍රිප් ඩොට් කොම් සංවිධානය පැවසුවේ හෙට (11) සිට ආරම්භ වන තෙදින නිවාඩුවට පෙර සිටම සංචාර පැකේජ වෙන්කිරීම් ඉහළ ගොස් ඇති බවයි.
එරට විශ්ලේෂකයන් පවසන්නේ සමහර ප්‍රදේශවල තවමත් වරින් වර COVID-19 රෝගීන් සිටියද, දේශීය සංචාරක කර්මාන්තයේ වර්ධන වේගය ඉහළ මට්ටමක පවතින බවයි. එය කාර්යක්ෂම වසංගත මර්දන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා. ගමනාන්ත තෝරාගැනීම් අනුව කෙටි දුර සංචාර වඩාත් ජනප්‍රිය වී තිබෙන බව ද වාර්තා වනවා.