පාලමක් ඉල්ලා පිරිසක් දින තුනක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරතව සිටිති. මෙම පිරිස බිබිල මඩුල්ල ලග්ගල ගැමියෝ වෙති.
ගම්වාසීහු පවසන්නේ තඹාන දික්ඔය හරහා තම ගම්මානයට නෙදර්ලන්ත රජයෙන් පාලමක් ඉදිකිරීමට රුපියල් කෝටි හතරක මුදලක් ලැබුන බවත් එය දේශපාලකයින්ගේ මැදිහත්වීම මත ගම්මානයට නොලැබුණු බවයි.
දික්ඹය අසළ තාවකාලික මඩුවක් ඉදිකර මේ ආකාරයෙන් ගම්මුන් උපවාසයේ නිරතව සිටින අතර
මඩුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති චමින්ද පුප්පකුමාර මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ ඉදිරියේදි ලග්ගල තඹාන ගම්මානට පිවිසීම සඳහා පාළම ඉදිකර දෙන බවයි.




