ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ගුරුවරුන් ආරම්භ කළ වර්ජනය තුන්වෙනි දිනටත් අද (14) දිනයේත් ක්‍රියාත්මක වනා.
ඉල්ලීම් පිළිබඳව රජය මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට හේතුවී ඇති බව ගුරු වෘත්තීය සංගම් විසින් සඳහන් කරයි.
කොතලාවල පනතට විරැද්ධව විරෝධතා කළ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට විරෝධය පළකරමින් ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් මෙම ඔන්ලයින් ඉගැනවීම් වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
මෙම ගුරු වැඩ වර්ජනය හේතුවෙන් රටේ සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවී තිබේ.




