එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සභිකයින් තෝරා පත්කර ගැනීමේ 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය 70යි 30 ලෙස වෙනස් කිරීමේ නිර්දේශයක් පළාත් පාලන මැතිවරණ සමාලෝචන කමිටුව විසින් රජයට ඉදිරිපත් කර ඇත.
දැනට පවතින ක්‍රමය අනුව 60%ක් කොට්ඨාශ ක්‍රමය යටතේ ද ඉතිරි 40% අනුපාත ක්‍රමය යටතේ ද සිදු කෙරෙනවා. නව ක්‍රමය යටතේ 70%ක් කොට්ඨාශ ක්‍රමය යටතේ ද 30%ක් අනුපාත ක්‍රමය යටතේ ද ඉදිරි මැතිවරණයේ දී තෝරා ගැනීමට නිර්දේශ කර ඇත.
පළාත් පාලන ආයතන වල දැනට සිටින 8000ක් පමණ වන සභික සංඛ්‍යාව ඉදිරි ඡන්ද විමසීමේදී 6500 ක් දක්වා අඩු විය යුතුයි ද කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.
පවතින පළාත් පාලන ක්‍රමය තුළ සභිකයන්ගේ අනවශ්‍ය වැඩිවීමක් පවතින බැවින් සහ අස්ථාවර පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අවම කිරීමේ අරමුණින් මෙම වෙනස්කම් සිදු කරන බව පළාත් පාලන මැතිවරණ සමාලෝචන කමිටුව පෙන්වා දෙනවා.




