පසුගිය සදුදා (12) සවස නැගෙනහිර චීනයේ සූෂෝවු නගරයේ හෝටලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
කාමර 54 කින් යුත් මෙම හෝටලය කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයන් 23 දෙනෙකු නවාතැන් ගනිමින් සිට ඇත.
තට්ටු තුනක් පමණක් තිබුණු මෙම ගොඩනැගිල්ල වසර ගණනාවක් තිස්සේ නව තට්ටු එකතුකරමින් ව්‍යුහය වෙනස්කිරීම නිසා කඩා වැටී ඇති බව සිදුකළ මූලික පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ගලවා ගැනීමේ සේවකයින් 600කට වැඩි පිරිසක් පැය 36ක සෝදිසි මෙහෙයුම්වලින් පසුව සුන්බුන්වලට යට වී සිටි පුද්ගලයින් මුදා ගත් බව වැඩිදුරටත් වාර්තා වනවා.




