අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව අද (13) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවත්විණි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මීළග වසර 03 ඇතුළත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ද එකතු කිරිමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේ දී ගුවන්තොටුපොල විවෘත කර රටට සංචාරකයන් ගෙන්වාගෙන අහිමි වූ ඩොලර් මිලියන 04 කට වැඩි විදේශ ආදායම නැවත රටට ලබාදීමට කටයුතු කරන බවත් ය.
ලෝකයේ සෙසු රටවල හා සමාන්තරව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් නව තාක්ෂණයත් සමග ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට ද අපේක්ෂා කෙරෙයි.
මෙහිදී ගුවන්තොටුපොල මගීන්ට නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ එදිනෙදා ගමන් පහසුකිරීම, කාර්‍යක්ෂම කිරීම හා නව්‍යකරණය කිරීම පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කෙරිනි.
භාණ්ඩ හුවමාරුවේදී එම ක්‍රමවේදයන් තාක්ෂණය සමග මුසු කර ඉදිරියට ගෙන යාමේ ක්‍රියාපිළිවෙත කඩිනම් කිරීමට අපේක්ෂා කෙරෙන අතර මේ සියල්ල සමග දකුණු ආසියානු රටවල ගුවන්තොටුපොල අතුරින් තාක්ෂණයෙන් ඉහළම හා දියුණුම ගුවන්තොටුපොල බවට පත් කරන්න අපි කටයුතු කරනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය වන ඩී.වී. චානක යන මහත්වරුන් ද ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති ආර්.සූරියආරච්චි, අධ්‍යක්ෂ (මෙහෙයුම්)
ශෙහාන් සුමනසේකර, අධ්‍යක්ෂ ඩී. ද සිල්වා, ඒ වරුෂහේන්නදගේ, සමාජික එස්.එම්.ඒ.යූ. මංචනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.




