පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ අද උදෑසන සිට ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බවත් එනම් මින් පුද්ගලයන් 7 දෙනෙකු යතුරුපැදි කරුවන් බවත්, සෙසු තිදෙනා පදිකයින් බවත් හෙතෙම කියා සිටියේය.
එමහතා වැඩිදුරටත් කියා සිටියේ දිනකට අනතුරුවලින් පුද්ගලයන් දස දෙනකු මියයාම කණගාටුවට කරුණක් බවත්, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය , බීමත්ව රිය ධාවනය, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය වීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම යන කරුණු අනුව මෙම අනතුරු වැඩි වශයෙන් සිදුවන බවය.




