මුළුමනින්ම පාහේ පාසල් සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී අදාල විෂය නිර්දේශය අවසන් නොකල පසුබිමක් මත එම දුවා දරුවන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අවස්ථාව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් දමා විෂය නිර්දේශය ආවරණයට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් මත පිහිටා මෙම විභාග සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා."2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 දා පැවැත්වෙන බව වාර්තා වෙයි.එසේම අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 දා සිට ඔක්තෝබර් 31 දා දක්වා පැවැත්වීමට නියමිත බවද පැවසේ.
කොරෝනා ව්‍යසනය මෙරට වෙලාගෙන ඇතත් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අංශුමාත්‍රයක අවධානයක් යොමුකර නැත.
මේ තත්ත්වය තුළ අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරනුයේ අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් මත පිහිටා උසස් පෙළ විභාග දෙක ප්‍රමාණවත් කාලයකට කල් දමන ලෙසට ය.
මේ රටේ මතු පරපුර වෙනුවෙන් සාධනීය සහ ජාතික න්‍යාය පත්‍රයකට වැඩ කිරීමේ අත්‍යාවශ්‍යතාවය අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරමු."




