රුපියල් මිලියන 125ක් හදිසියේම වැය කොට කොළොන්නාව ඛනිජ තෙල් තොග පර්යන්තයට (සී.පී.එස්.ටී.එල්.) ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.වෘත්තීය සමිති අනතුරු අඟවමින් කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය අවලංගු නොකළහොත් නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
බලශක්ති අමාත්‍යවරයාට හා සී.පී.එස්.ටී.එල්. ආයතනයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය මේ බව දන්වා යවා තිබේ.මෙය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන ගණනක් වියදම් කර ආරක්ෂිත කැමරා පද්ධති සවිකර අපේක්ෂිත ප්‍රතිඵල නොමැතිව ඒවා ගලවා ගබඩාවල ගොඩගසා ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
අලුතින් බවුසර් මිලදී ගැනීම, ඉන්ධන නළ පද්ධති අලුත්වැඩියාව, සේවක සුබසාධනය වැනි අත්‍යවශ්‍ය කාරණා තිබියදී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැයවන මුදල් සම්බන්ධ වගකීම ආයතන බලධාරීන් භාරගත යුතු බව වෘත්තීය සමිති ලිඛිතව දැනුම් දී ඇත.
මේ පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ වෘත්තීය සමිතිවල සියලුම ඉල්ලීම් හා යෝජනා ඉදිරිපත් කිරීමට තමන් වෘත්තීය සමිති ලබන 23 වැනිදා හමුවන බවත්, එහිදී මෙම කාරණය සම්බන්ධව ද සාකච්ඡා කිරීමට වෘත්තීය සමිතිවලට ඉඩ තිබෙන බවත්ය.




