පොලිස් නිලධාරීන් ලෙස පුද්ගලයන් මුලා කරමින් විවිධ කොල්ලකෑම් වල යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු වත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ව්‍යාජ පොලිස් හැදුනුම්පත් පෙන්වා මාංචු දමා පුද්ගලයන්ව පාළු ස්ථානවලට රැගෙන ගොස් ඔවුන් සතුව ඇති ස්වර්ණාභරණ සහ මුදල් කොල්ල කා ඇති අතර පාළු ස්ථානවල රැක සිටිමින් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල ගමන් ගන්නා පිරිස් නවතා මෙලෙස කොල්ලකෑමේ නිරත වී ඇති බව ද පොලිසිය සඳහන් කළා. කුරුණෑගල, වත්තල සේදවත්ත යන ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් විසින් සිදුකළ තවත් කොල්ලකෑම් 17ක් පමණ වත්තල, මෝදර සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
කොල්ලකරුවන් සතුව තිබී ස්වර්ණාභරණ,යතුරුපැදි 2ක්,අත් විලංගු 2ක් සහ ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් ඊයේ (14) වැලිසර අධිකරණයට යොමු කර හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.




