මෙවර හජ් උත්සවය වෙනුවෙන් කිසිදු මුස්ලිම් දේවස්ථානයක සත්ව ඝාතනය සඳහා අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම වකූෆ් සභාව තීරණය කර ඇත.
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අෂ්රෆ් මහතා විසින් මේ පිළිබඳව සියලු මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩල වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.
හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් ජනතාව දානමය කටයුත්තක් වශයෙන් සිදු කරනු ලබන මෙම සත්ව ඝාතනය මින් පෙර දින තුනක් පුරා සිදු කළ ද මෙවර 23 වනදාට පොහොය යෙදීම නිමිත්තෙන් දින දෙකකට පමණක් සීමා වනවා.




