පොල් වගාවට අවශ්‍යම කරන පොහොර වර්ගයක් වන ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන්නේ යැයි පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ආනයනය කිරීමට අවසර ලැබුණු මේ දිනවල පොල් වගාවේ දී ‘පොටෑසියම්’ යොදා ගැනීම නොහැකි වීම ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබූ බවත් ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ ආකාරයට ‘පොටෑසියම්’ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.යූරියා පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් නයිට්‍රජන් සපයා ගැනීමට පොල් ගසේ අමතර කොටස්, ගොම පොහොර, කුකුල් පොහොර සහ ගිනිසීරියා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.




