ඊයේ (14) දින ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් සහ පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ වැඩසටහනට එක්වීමෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය අමතමින් පැවසුවේ ගුරුවරුන්ට පවතින ගැටලුවලට රටේ අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් ඔවුන්ගෙන් පළිගැනීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.
අමත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරේ තිබෙන ප්‍රශ්න ගැටළු සාකච්චා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එලෙස නොකොට ඉගැන්වීමෙන් ඉවත්වීම හරහා අපහසුතාවයට පත් වන්නේ දරුවන් බවත් එබැවින් එය කිසිසේත්ම අනුමත නොකරන බවත්ය. රජයේ ස්ථාවරය එන්නත්කරණයෙන් අනතුරුව සෞඛ්‍ය නිර්දේශවලට අනුව හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම බවත් අමාත්‍යවරයා පැවසීය.
දැනට අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන දුරස්ථ මාර්ගගත කටයුතු සඳහා ප්‍රවේශයේ පවතින ගැටලුව විසඳීම පිණිස රට පුරා සම්පත් මධ්‍යස්ථාන 2096ක් විවෘත කොට ඇති බවත් ද එමහතා වැඩිදුරටත් පැවසීය.




