වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසුවේ යල කන්නය සඳහා වී මිල දී ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බවයි.
වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නය සඳහා වී මෙට්‍රික් ටොන් පනස් දහසක් මිලදී ගැනීම සඳහා කටයුතු කරන බවත් ගොවීන්ට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වලට වී ගෙනැවිත් දීමෙන් එම මොහොතේදීම මුදල් ලබාගැනීමේ හැකියාව ඇත. වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් යොදවා කුඹුරට ම ගොස් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙළක් ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.
නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 50කටත්, සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 52ටත්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 55කටත් මිලදී ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.
නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 50කටත්, සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 52ටත්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 55කටත් මිලදී ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.