දකුණු චීනයේ ඉදිවෙමින් පවතින උමගක ජලගැල්මක් හේතුවෙන් එහි සිරවී සිටින කම්කරුවන් දාහතර දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ උදෑසන කඩා වැටී ඇති මෙම උමගේ සිර වී සිටින කම්කරුවන් සොයා ගැනීම සඳහා උමගේ ජලය ඉවතට පොම්ප කරන බව ගලවා ගැනීමේ නිළධාරීන් පවසයි.ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් වාහන 19ක් සහ පුද්ගලයන් 100 දෙනෙකු යොදවා තිබෙනවා.
ඉදිකිරීම් කම්කරුවන්ට උමග තුළින් අමුතු ශබ්ද ඇසුණු බව බලධාරීන් පවසයි.එරට වේලාවෙන් 3.30 පමණ ඉවත් කිරීමට නියෝග කළ ද උමගට ජලය ගලා ඒමට පටන් ගැනීම හේතුවෙන් කම්කරුවන් 14 දෙනෙකු ඉන් පිටතට ගැනීමට නොහැකි වී ඇත.
අදාළ ඉදිකිරීම් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යාන් ඩාවු පවසා ඇත්තේ ඔවුන්ට දැඩි වරදකාරී හැඟීමක් දැනෙන අතර ඔවුන්ටම දැඩි ලෙස දොස් පවරා ගන්නා බවයි.
මෙම ගංවතුර තත්ත්වය ඇතිවීමට හේතුව සොයාගැනීම සඳහා එරට විමර්ශකයන් උත්සහ කරමින් සිටියි.










