සිර දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවී ඇත.
නිවෙසක් සොයාගන්නා තුරු රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම අනුව අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡා කර ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදීමටදී තිබුණු අතර එම මාස තුනක සහන කාලය ලබන විසි වෙනිදාට අවසන් වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .
නවක මන්ත්‍රීවරුන්ට ලබාදීමට නිවාස ප්‍රශ්නයක් පවතින නිසා මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් තීරණයක් ගන්නා බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙකු පවසයි.
මේ අතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා රන්ජන් රාමනායක මහතා මහතාට තමාට හිමි නිවෙස් වලින් එක නිවසක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරයි.
තමාට අයත් නිවෙස් තුනෙන් එකක් මෙසේ හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කරයි.




