ඊයේ පෙරවරුවේ සීගිරිය මධ්‍යම අරමුදල් භූමියේදී සිගිරිය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සියලු දෙනාට හා විදේශවලට සිට මෙරටට ආ සංචාරකයන් පිරිසකට ද මොඩර්නා එන්නත් ලබා දීම ආරම්භ විය.
සෞඛ්‍ය අංශ පැවසුවේ සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටල්, සංචාරක නිකේතන මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සෑම තරාතිරකම පුද්ගලයන්ට එන්නත්කරණය සිදුකරන බවයි. සීගිරිය දී පළමු මොඩර්නා එන්නත ලබාගැනීමට මෙරට සංචාරක කර්මාන්තයය සඳහා පැමිණ සිටී විදේශීය කණ්ඩායමකට ද අවස්ථාව ලැබිණි.
පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ,ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.





