හිටපු එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් නිර්මාණය වුණු ඉන්දීය දමිළ චිත්‍රපටයක් අන්තර්ජාලය හරහා බාගත කර අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පලේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් බව පොලිසිය පවසයි.මෙම එක් සැකකරුවෙකුට අයත් නුවරඑළිය කාගීල්ස් ගොඩනැගිලි සංකීර්ණයේ පිහිටි වෙළෙඳසැළක ද මෙම චිත්‍රපටය පෙන් ඩ්‍රයිව් ( pen drive) වලට දමා රුපියල් 50කට අලවි කර ඇති බවත් වාර්තා වනවා.
මහජන ආරක්ෂාවට හානි වන වීඩියෝ ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ මෙම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




