මුදල් අමාත්‍යවරයා ලෙස තම මූලික ඉලක්කය හාල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසුවා.
තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස රජයට ඡන්දෙ දුන් බව හා හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නෙ සිටින බව කී අමාත්‍යවරයා කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු යැයි සඳහන් කළේය.ශ්‍රී ලංකාව සතුව තිබෙන ඩොලර් කෝටි 400 (බිලියන 4) සංචිතය නිවැරදිව කළමනාකරණයෙන් ආර්ථික අර්බුදය විසදාගත හැකි මෙන්ම ඩොලරයේ මිල ඉහළ යෑමට බොරු ප්‍රචාර බලපා ඇති බවත් කීය




