අද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විනි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම විරෝධතාවයේ නිරත වූහ.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර ඒ සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
"තෙල් මිල අඩු කරනු, තෙල් අරමුදලට මොකද වුණේ, තෙල් සහනය කෝ, දැන් සැපද, රට අවුලෙන් පවුල සැපෙන්, පොහොරත් නෑ හාලුත් නෑ, ස තමයි හොදටම කළේ"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණි. විරෝධතාවයෙන් අනතුරුව පිරිස පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතා පා ගමනේ නිරත වූහ.




