අද (19) පාර්ලිමේන්තුවේ දී හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබද ප්‍රශ්නයක් මතු කළේය.
එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සහ හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවයි.
තවදුරටත් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීම සහ හරීන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ගැනීම සභාවේ වරප්‍රසාදය උල්ලංඝනය කිරීමක් බැවින් අත්අඩංගුවට ගැනීමට හේතුව සහ ප්‍රකාශයක් ගැනීමට හේතුව සභාවට දැනුම් දීමට පොලිසිය බැඳී සිටින බවයි.




