විශ්වාසභංග යෝජනාවේදී ගම්මන්පිල ඇමතිවරයාට විශ්වාසය පළ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව සහ සඳහා සියලු කටයුතු කරන බවත් හෙතෙම එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගයේදී විපක්ෂයට වාසිදායක වන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්ධන මිල වැඩි කිරීම උදේ ගම්මන්පිල මහතා ගත් තනි තීන්දුවක් නොවන බවත් එම තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගිවූ අමාත්‍ය මණ්ඩලය බවත් එම නිසා ම වගකීම උදය ගම්මන්පිල මහතාට තනිවම භාර දිය යුතු නැතැයි පැවසූ හෙතෙම එම වගකීම මුළු කැබිනට් මණ්ඩලයම බාර ගත යුතු බවත් ප්‍රකාශ කළේය .




