ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.
මේවා ශ්‍රී ලංකාව මිළදී ගත් ඒන්නත් තොගයත් බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ , ඇම්ස්ටර්ඩෑම් නුවර සිට , කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
දිවයිනට රැගෙන ආ එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.




