කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ පනස්දහස ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජපානයේ ටෝකියෝ හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
එන්නත් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස සහ කොවිඩ්-19 ට මර්දනයේදී දී හැකි තරම් පිරිසකට ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීමට සහාය දැක්වීම ලෙස ජපන් රජය මෙම එන්නත් මාත්‍රා තොගය පිරිනමන බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
මීට අමතරව, ජපාන රජය යුනිසෙෆ් හරහා ශීත ගබඩා දාම උපකරණ සහ සුදුසු උෂ්ණත්වයේ දී එන්නත් ගබඩා කිරීම සහ එන්නත් දේශීය එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශීත ගබඩා පෙට්ටි සහ එන්නත් රැගෙන යන උපකරණද මෙරටට ලබා දී ඇතැයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දේ.
ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේ
ශ්‍රි ලංකාවේ ජනතාවට සහ ජපාන රජයට හා එහි ජනතාවට සහ මෙම උත්සාහය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කරන බවයි.
ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 16.2 ක් කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම සඳහා මේ නව විට ප්‍රදානය කර ඇත. එම වසංගතය මර්දනය කිරීමේ ඒකාබද්ධ සටනේ දී ජපානය ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.
The Embassy of #Japan🎌 in Sri Lanka & @UNOPS #SriLanka extended their support to the #COVID19Response in #lka by handing over essential health equipment to @MoH_SriLanka worth US$ 1 million.
— UN in Sri Lanka (@UNSriLanka) July 16, 2020





