මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන 44 හැවිරිදි ලලිත් වසන්ත (පිංතු) ඊයේ (17) රාත්‍රියේ සීදූව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරීන් සැකකටයුතු පුද්ගලයන් ගමන් ගත් සුඛෝපභෝගී රථය ලූහුබැඳ තිබෙනවා. සීදූව බේස්ලයින් පාර ප්‍රදේශයේ දී එම වාහනය පරික්ෂා කිරීමට ගත් උත්සාහයකදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩි තැබීම හේතුවෙන් රථයේ සිටි පුද්ගලයෙකු වෙඩි පහරින් තුවාල ලබා ඇත.
තුවාලකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.




